What is the history of dress

 

ඉතිහාසය ගැන සොයා බැලීමේදී මුල්ම මානවයා ඇදුම් භාවිතා කළේ සෞඛ්‍ය හා ආරක්ෂාව සඳහා බව සිතිය හැකිය.අධික ශීතල,වර්ෂාව,ලෙඩ රෝග ඒ සඳහා බලපාන්නට ඇතැයි අනුමාන කළ හැක.

මිහිමත ඇති වන පාරිසරික වෙනස්කම් හමුවේ ආදි මානවයාගේ සිට නූතන මානවයාද විවිධ අනුවර්තන දක්වමින් සාර්ථකව මුහුණ දෙමින් සිටී.

විවධ දේශගුණික ,කාලගුණික විපර්යාස වලට අනුවර්තනය වීම සියලු ජීවීන්ට පොදු ලක්ෂණයකි.නමුත් ඔවුන්ගේ අනුවර්තන වල විවිධත්වයක් පවති.බොහෝ සතුන් මෙම වෙනස්කම් හමුවේ තම වාසස්ථාන වෙනස් කරන අතර මිනිසුන් ඵ් වෙනුවට ඇඳුම් පැළඳුම් වැනි විකල්පයන් භාවිතා කරමින් එම අභියෝග ජය ගනී.

ශාක කොටස් හා සත්ත්ව සම් භාවිතා කළ පූර්වජයින් සංස්කෘතික පරිණාමයේ වර්ධනයත් සමඟ ක්‍රමයෙන් ඇඳුම් (Dress) වලට පරිවර්තනය විය.ඇඳුම් යන වචනයට අරැත් සපයන වෙනත් වචන වශයෙන් කඬ,රෙද්ද, වස්ත්‍රය ආදිය යෙදේ.

මිනිස්සු දේශගුණික ,කාලගුණික වෙනස්කම් වලින් ඇති වූ බලපෑමට පසුව විවිධ සංස්කෘතික උත්සව ,යෞවනත්වය ,පෞරෂය ,සමාජ තත්ත්වය ආදිය හේතු කොට ගෙන තම ඇඳුම් පැළඳුම් වල විවිධ වෙනස්කම් සිදු කිරීමට පෙළඹෙන බව සිතිය හැක.ඒ අනුව අතීතයේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ඇඟලූ ඇඳුම වර්තමානයේදී විලාසිතාවක් ලෙස භාවිතා කරන බව සමාජය දෙස බැලීමේදී පැහැදිලි වන කරැණකි.

What’s your Reaction?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Open chat
1
Hello How Can You Help Now ?